සිංහල වෙළඳ සංසදය
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Go down
Munidasa
Munidasa
Admin
Posts : 26
Join date : 2019-05-09
https://sinhala.forumotion.asia

 පී.ජී.මාර්ටින් Empty පී.ජී.මාර්ටින්

Sat May 18, 2019 6:24 pm
 පී.ජී.මාර්ටින් Southe10

උත්සහවන්ත තරුණයෙකු වන පී.ජී.මාර්ටින් නිමලසිරි රුපියල් 500ක් අතදරමින් සිය ගම් පියස වූ මාතරින් 1948 දී පිටත් වෙන්නේ කොලොම්තොටට පැමිණ සිය සිහිනය සැබෑ කරගන්නයි.

තමන්ගේ පළමු ව්‍යාපාරය ලෙස කරන්නේ ගාලු මුවදොර පිටියේ අන්නාසි විකිණීමයි. ඉන් පසු එයින් එකතු කරගත් මුදලින් කොළඹ වරායේ නැංගුරම් ලන නැව් වලින් සපත්තු මිලදී ගෙන ඒවා අලෙවි කිරීමෙන් පසුවයි ඔහු සම්භාණ්ඩ ඇතුළු නිෂ්පාදන ලෝකයට ඇතුළු වෙන්නේ.

සපත්තු, පසුම්බි සහ සම්භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරන එතුමාගේ විශේෂත්වය වන්නේ තමන් නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ ඉහලම තත්වයෙන් යුතු ඒවා වීමයි.

වසර 40කට වඩා වැඩි කාලයක් තිස්සේ ගමන් මලු, සම්භාණ්ඩ සඳහා ලංකාවේ ජනප්‍රියතම නාමය ලෙස ව්‍යාපාරික ලොවේ කිරුළු දරන්නට හැකිවන්නේ මේ නිසයි.

ඊට අමතරව ලංකාවට ගෙන්වන සුපිරි තත්වයේ ගමන් මලු සහ සපත්තු සහ වෙනත් සම්භාණ්ඩ නිෂ්පාදන සඳහා ලංකාවේ කාගේත් මුවග කියවෙන නාමය ලෙස පී.ජී. මාටින් පත් වන්නේ අතීතයේ විඳි දුක් වලට නියම ම වටිනාකමක් ලැබෙන බව අපට සිහිගන්වමිනුයි.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum