සිංහල වෙළඳ සංසදය
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Go down
Munidasa
Munidasa
Admin
Posts : 26
Join date : 2019-05-09
https://sinhala.forumotion.asia

MAS Holdings අයිති සිංහල අයට නොවේ! Empty MAS Holdings අයිති සිංහල අයට නොවේ!

Sun May 12, 2019 5:43 am
1920 ලංකාවේ ඇරඹුණු අම්රිත් හරිලාල් අමලීන් ගේ නගින්දාස් ඉන්ඩස්ට්‍රීස් පසුව එච්.ඒ. නගින්දාස් ඇන්ඩ් කම්පනි නම් විය. එවිට ඔහුගේ පුත් දයලාල් හරිලාල් අමලීන් රෙදි බිස්නස් ටික කරගන යද්දී හදිසියේ මිය ගියේ අද මාස් සමාගමේ මහේෂ් අමලීන් (දයලාල් හරිලාල් අමලීන් ගේ ලොකු පුතා) කොළඹ රෝයල් කොලේජ් එකේ සාමාන්‍ය පෙළ (ඕ ලෙවෙල්) අවසන් වෙලා ටික දවසකිනි.
මහේෂ් අමලීන් ගේ සිහිනය වුනේ රසායන ඉංජිනේරුවෙකු වීමටයි, නමුත් ඉන්දියාවේ මදුරාසියේ රසායන ඉංජිනේරු තාක්ෂණ ඩිග්රියක් කල ඔහුට පසුව 1978 යේ ලංකාවට ආ පසු ඔහුගේ සීයා - අම්රිත් හරිලාල් - කියා ඇත්තේ පවුලේ ව්‍යාපාරය කර ගහන ලෙසටයි - මහේෂ් අමලීන් කියා ඇත්තේ ඔහුගේ ඩිග්රියේ ලකුණු ආ විගසම ඔහු රසායන ඉංජිනේරුවෙකු වීමට යන බවයි. නමුත් පවුලේ ස්වාස්ටික් ටෙක්ස්ටයිල් ස් (පසුව පැරඩයිම් ක්ලෝදීන් ලෙස නම් වෙනස් කෙරුනද ) එකල යුරෝපයේ මහාපරිමාණ ඇඳුම් සාප්පු ප්‍රමාණයක් දුවපු සී ඇන්ඩ් ඒ සමාගම අමලීන් ගේ පවුලේ ව්‍යාපාරයට වැඩි පුර ඕඩර් ලබාදීම නිසා හදිසියේම කඩ වැටීමට ඔන්න මෙන්න තිබූ බිස්නස් එක ගොඩ යන ලදී. එවිට මහේෂ් අමලීන් ද තම රෙදි ව්‍යාපාර ඥානනය, දැනුම පුළුල් කර ගත අතර කලක් යාමේදී තම දැනුම සීයාගේ පවුල් ව්‍යාපාරයට එකතු කිරීමට ඉඩ ප්‍රස්ථාව නොලැබුණු නිසාත්, තම පියා අන්තරා වූ විට මහෙෂ් වත් ඔහුගේ එකල වයස 35 සිට කනවැන්දුම් වූ මව උර්මිලා ව සහ සහෝදර සහෝදරියන්වත් බලාගත් - අමලීන් බාප්පලා ගේ බිස්නස් එක එහෙමම කරගන්ඩ ඉඩ දී...තම සහෝදරයන් එක්කර ගෙන නව රෙදි බිස්නස් එකක් ඇරඹීමට යොමු විය.
මහේෂ්ට භාරති සහ අනුරාධා නමින් සහෝදරියන් දෙදෙනෙකි.
1989 කාලයේ ලංකාවේ ත්‍රස්තවාදී මෙන්ම දෙමළ සහ ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර අස්සේ මහේෂ් ගේ සීයා වූ අම්රිත් හරිලාල් අමලීන් ව ත්‍රස්ත වාදීන් ඝාතනය කරන ලදී.
එලෙසෙ පා තැබූ මහේෂ් ට අකෞන්ටන්ට් (ගණකාධිකාරී) කෙනෙකු වූ සහෝදර ෂරද් මෙන්ම යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වූ සහෝදර අජේ ද එකෙතු වී පොඩි සුළු පරිමාන ලෝන් එකක් අරගන කොම්පැනියක් පටන්ගන්න ලදී.
නමුත් එකල ඔවුන්ට ලොකු ලොකු ඕඩර් නැති වූ නිසා පසුව ඔවුන්ගේ පරණ බිස්නස් පාට්නර් කෙනෙකු වූ අන්තර්ජාතික සමාගමක් වූ මාස්ට් ඉන්ඩස්ට්‍රීස් එකේ ලොක්කා වූ මාටින් ට්‍රස්ට් සමග එක්වී පළමුව යුනිචෙලා සමාගම ලංකාවේ අරඹන ලදී.
ටිකක් කලක් යද්දී මහේෂ් ට වික්ටෝරියා සීක්රට් බ්‍රා ලංකාවේ නිෂ්පාදනය කිරීමට උවමනා වුනත් එකල සුද්දන් පුදුම සහගතව අසා ඇත්තේ ලංකාවේ මිනිසුන්ට එතරම් දක්ෂ ලෙස නූල් නිෂ්පාදනය කිරීමට, ගෙතීමට හෝ බ්‍රා ඩිසයින් කිරීමට හැකිද යන්නයි. අනුමානයක් නෑ ඒකාලේ සුද්දන් මෙන්ම දන්කලේ සුද්දන් දන්නවනම් අපේ රටේ තැන පුඩු තුනක් තිබුණු කපු කැට්ටා කියා ඔවුන් බ්‍රා ඕඩර් තව තවත් ලංකාවට දෙනු ඇත.
කෙසේ වෙතත් පසුව වික්ටෝරියා සීක්රට් එකේ එකල ලොක්කා වූ හොවාර්ඩ් ග්‍රොස් ව හමුවී මහේෂ් ලේසිම බ්‍රා ඩිසයින් එක තෝරා එය නිෂ්පාදනය අරඹා ඇත්තේ අමලීන් සේවකයන් සිය දෙනෙකුගෙනුත් සහ මැෂින් පනහකිනි.
අද මාස් හෝල්ඩින්ස් යනු සමාගම් 28 කටත් වඩා තියන මිනිසුන් 45,000 කට විතර රැකියා දී ඇති ලංකාවේ උපන් ලොව ප්‍රසිද්ධම මෙන්ම දක්ෂම පිරිමි බ්‍රා ඩිසයිනර් ලා (ගෑනු ඇන්දත් ඩිසයින් කරන්නේ පිරිමින්ය) ඉන්න ලෝකෙම මිනිසුන්ට ලෝකේ හොඳම ඇඳුම් වෙන නයික්, රීබෝක්, මාක් ඇන්ඩ් ස්පෙන්සර් මෙන්ම ස්පීඩෝ නිෂ්පාදනය කරන සමාගමකි
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum