සිංහල වෙළඳ සංසදය
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Go down
Munidasa
Munidasa
Admin
Posts : 26
Join date : 2019-05-09
https://sinhala.forumotion.asia

ලංකාවේ සිංහල – මුස්ලිම් අරගලයේ ස්වභාවය 1915 සිදු වූ හැටි (සිංහල මහාවංශයෙනි) Empty ලංකාවේ සිංහල – මුස්ලිම් අරගලයේ ස්වභාවය 1915 සිදු වූ හැටි (සිංහල මහාවංශයෙනි)

Sun May 19, 2019 8:08 am
ලංකාවේ සිංහල – මුස්ලිම් අරගලයේ ස්වභාවය 1915 සිදු වූ හැටි (සිංහල මහාවංශයෙනි) Sinhal10


සිංහල සහ යෝනක අරගලය නොහොත් ලංකාවේ සිංහල සහ මරක්කල මිනිසුන් අතර වර්ෂ 1915 වේදී සිදු වූ බරපතල කෝලාහලය සහ එහි සාහසික ප්‍රතිපල.

මෙම කෝලාහලය හටගැනීමට ඇති වූ ප්‍රධාන හේතු කවරේ ද යනු පළමුකොට මෙහි සැකෙවින් විස්තර කරනු ලැබේ. ලංකාවේ ජනගහනයෙන් ඉතා වැඩි කොටස එහි මුල් පදිංචිකාරයන් වූ සිංහල මනුෂ්‍යයෝ ය. ඔවුන්ගේ සංඛ්‍යාව 27,14,614 දෙනෙකි. (මේ වනාහී වර්ෂ 1911 හේදී ගන්නා ලද ජනලේඛනයේ ප්‍රකාරයි) ඒ ගණනින් 24,74,170 දෙනෙක් බුද්ධාගම අදහන්නෝ ය. ඉතිරි අය ක්‍රිස්තු භක්තිකයෝ ය. සිංහල මිනිසුන්ට වඩා පසු කාලයක මෙහි පදිංචි වූවන්ගෙන් පැවතෙන ද්‍රවිඩ ජාතික මනුෂ්‍යයෝ 5,28,024 දෙනෙක් වෙත්. ඔවුන් අතුරෙන් වැඩි දෙනා හින්දු ආගම අදහන්නෝ ය. ඔව්හු බොහෝ සෙයින් ලංකාවේ උතුරු නැගෙනහිර යන පළාත්වල පදිංචිව සිටිත්. යෝනක ජාතියට අයත් මරක්කල මිනිස්සු වනාහී ඉන් පසු වෙළඳාම සඳහා මෙහි පැමිණ පළමුකොට මුහුදුබඩ පළාත්වල පදිංචි වූවන්ගෙන් පැවතෙන්නෝ වෙති. ඔවුන් ද ලංකාවේ චිරස්ථිත ජනසංඛ්‍යාවට ගණන් ගනු ලැබේ. ලංකාවේ මුදල් භාණ්ඩාගාර පිහිටෙව් පසු මුදල් පොළී කිරීමෙන් සහ හාල් ආදී ආහාර ද්‍රව්‍ය විකිණීමෙනුත් වස්තු උපයනු පිණිස ඉන්දියාවේ සිට අවුත් නාටු කොට්ටහෙට්ටි මිනිසුන් කොටසක් ද මෙහි පදිංචිව සිටිත්. ඔව්හු සියලු දෙනා ම ශිව භක්තිකයෝ ය. පුරාණයෙහි ආණ්ඩුව යටතේ ජා රෙජමේන්තුවලට බැඳී සිටි හේවායන්ගෙන් බෝවෙන මලයි නොහොත් ජා වර්ගයේ මනුෂ්‍ය කොටසක් ද සිටිත්. ඉතා මෑතදී වෙළඳාම පිණිස පශ්චිම ඉන්දියාවේ සිට බෝරා වර්ගයේ මිනිසුන් කොටසක් ද දකුණු ඉන්දියාවේ මලබාර් රට සිට හම්බයෝ යයි නම් ලත් ජනසමූහයක් ද, අධික පොළියට මුදල් ණයට දී වස්තු අපයන ඇප්ගන්ජාතික ස්වල්ප දෙනෙක් ද පැමිණ ලංකාව ඔවුන්ගේ වාසභූමිය කරගත්තෝය. මරක්කල ජා, බෝරා, හම්බ, ඇප්ගන් යන මේ පඤ්ච වර්ගික මනුෂ්‍යයෝ සියලු දෙනාම මහමදාගම් කාරයෝය. ඔවුන්ගේ මුළු සංඛ්‍යාව 28363 ක් ය.

මේ පරිච්ඡේදයේ මාතෘකා වූ සිංහල සහ යෝනක අරගල නිපදවීමේ මූලිකයෝ හම්බංකාර මනුෂ්‍යයන් බව නිසැකව ඒත්තු ගැනීමට කරුණු රාශියක් තිබේ. සාමාන්‍යයෙන් ම හම්බංකාරයන්ගේ ක්‍රියා පරිපාටිය සිංහල ජනතාවගේ අප්‍රසාදයට හේතුව පැවතින. ඒ කාරණය සත්‍යයක් ම බව ලංකාවේ උසස් සිවිල් නිලධාරියෙක් වූ ඊ.බී. ඩෙන්හැම් මහතා විසින් ලියන ලද 1911 හේ අවුරුද්දේ ජන ලේඛන වාර්තාවේ වාක්‍යයකින් ඔප්පු වේ. හේ මෙසේයි. මධ්‍යම ශතවර්ෂයන්හි ද යුදෙව්වන් කෙරෙහි යුරෝපාවාසීන් තුළ යම් කිසි අප්‍රසන්නතාවක් පැවතියේ ද, එමෙන්ම කවුඩුලීලාවෙන් ගම් නියම්ගම් පාසා සෑම තැනම පැතිරී වාසය කරන හම්බයන් කෙරෙහිත් එබඳු අසතුටක් ලංකාවේ චිරස්ථිත පදිංචිකාරයන් තුළ ද පවත්නේ ය යනුයි.

හම්බයන්ගේ කොල්ලකාර දුෂ්ටගති ගැන දත් පසළොස් වර්ෂයක් මුළුල්ලෙහි ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී ධූරයක් දැරූ ශ්‍රීමත් ඇස්. සී. උභයශේඛර මැතිතුමා විසින් කෘෂිකර්ම බැංකුවල කාරක සභාව ඉදිරියෙහි දෙන ලද සාක්ෂියකදී මෙසේ ප්‍රකාශ කර තිබේ. සාමාන්‍යයෙන්ම හම්බයෝ වනාහි නිත්‍ය පදිංචිකාරයන්ට පීඩා කරනසුලු වූ ආගන්තුක මිනිසුන් කොටසක් ය. ඔව්හු සුලු මුදලක් රැගෙන මෙහි විත් ක්‍රම ක්‍රමයෙන් වැසියන්ගේ ඉඩම් අයිතිකර ගනිත්. විල්සන් බල්ගාව අසල මගේ මෙහෙකරුවෙකුට අයිති රුපියල් 2,000 ක් පමණ අගනා ඉඩම් කැබලි කීපයක් රුපියල් තුනකට මිලයට ගත හැකි වීබුසල් දෙකක් ණයට දීමෙන් හම්බන්කාර මිනිහෙක් අයිති කරගන්ට කළ හැකි කෛරාටික ක්‍රියාවන් ගැන මම දනිමි. කල්යාමකදී වී බුසල් දෙකේ මුදල පොළිත් සමග රුපියල් 250 ට නැංගේය. රටේ මහත්මයා රුපියල් 250 හම්බයාට ගෙවා ඉඩම් බේරා ගත්තේය යනුයි. වර්ෂ 1914 රේ අප්‍රියෙල් මාසේදී මහනුවර රාජමන්දිරයෙහිදී ලංකාණ්ඩුකාර ධූරය දැරූ ශ්‍රීමත් රොබට් චාමර්ස් උතුමාණන් වහන්සේ ඉදිරියෙහි බැද්දෙවල මහතා විසින් කරන ලද කථාවකදී හම්බයෝ වැසියන්ගේ ඉඩම් කොල්ලකන පරිදි මොනවට විස්තර කර තිබේ. මේ විදේශිකයන්ගේ කොල්ලකාර ගතිවලට වඩා ඔවුන්ගේ අශික්ෂිත දුශ්චරිත ක්‍රියා ශීලාචාර මනුෂ්‍යයන්ට නුරුස්නා ලෙස පවත්නේය. වර්ෂ 1914 දී යුරෝපීය මහා සංග්‍රාමය ආරම්භ වූ කෙණෙහි ම හම්බයින්ගේ ආපණ ශාලාවන්හි ආහාර ද්‍රව්‍ය හේතු රහිතව මිල වැඩි කිරීමෙන් ඔව්හු අසරණයන් මහත් ව්‍යසනයට පත් කළෝය. ඇතැම් ප්‍රස්තාවන්හි දී ඔවුන්ගේ මේ සාහසික ක්‍රියා මැඩපැවැත්වීමට ආණ්ඩුවේ මුළාදෑනීන් පවා මැදහත් වෙන්ට සිදු විය.

මෙසේ අයථා ක්‍රමයෙන් හම්බයන්ගේ ධනය සහ ජනසංඛ්‍යාවන් වර්ධනය වේගෙන එන අතර ඔවුන්ට දේශාධිපතියන් වීමේ ගවිතාභිලාෂයක් ඇති වී ඔව්හු බෞද්ධයන්ගේත් හින්දුවරුන්ගේත් ආගමානුකූල කෘත්‍යයන්ට පවා බාධා පමුණුවන්ට ආරම්භ කළෝය. මේ ආරම්භයෙහි විෂ බීජය මේ විදේශික හම්බංකාර මනුෂ්‍යයන් විසින් මීට අවුරුදු 800 කට පමණ ප්‍රථම සිංහල නරපතිතුමෙකු විසින් පිහිටුවන ලද ගම්පළ වහලගොඩ දේවාල භූමියෙහි රෝපණය කරන ලදී. එම බීජයෙන් උද්ගත විශාල වෘක්ෂයෙන් හටගත් ඵල අපරීක්ෂක ලෙස ආඝ්‍රාණය සහ අනුභව කිරීමෙනුත් බොහෝ අයවලුන්ට පැමිණෙන ලද අනේක විධ විපත්ති රාශිය තදනන්තරව විස්තර කරනු ලැබේ.

සම්පූර්ණ විස්තරය කියවන්න >> බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශිත මහාවංශයෙහි 639 පිටුවේ සිට >>https://www.scribd.com/document/166492879/Mahawansaya >>
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum